මේ අවුරුද්දේ ගොවි ජනතාව කළ මෙහෙය කෘතවේදීව සිහිපත් කරමු
LankaPuvath
by chanaka
5d ago
(කොළඹ | ලංකාපුවත්) – අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය දූ දරුවන් සතු බවත් ඒ අවුරුදු අසිරිය මතු පරපුර උදෙසා රැක දීම අප සැමගේ යුතුකමක් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා එසේ සඳහන් කර තිබේ. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයි. මෙලෙස නැකැත් චාරිත‍්‍රයන්ට හා ආගමික කටයුතුවලට මූලිකත්වය දෙමින්, පාරම්පරික සම්ප‍්‍රදායන් හා සිරිත් සුරකිමින් එකම අරමුණකින් යුතුව, එකම මොහොතක එකම නැකතකට එක්ව කටයුතු කිරීම ලොව කිසිදු රටක සංස්කෘතියක දක්නට නොලැබේ. ස් ..read more
Visit website
රටක් ඉදිරියට යන්න සමාජ සබඳතා හා සාමූහිකත්වය අවශ්‍යයි
LankaPuvath
by chanaka
5d ago
(කොළඹ | ලංකාපුවත්) – අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමූහිකත්වය යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එසේ සඳහන් කර තිබේ. එම අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය මෙසේය. අලුත් වීම ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කරයි.ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙනි. අලුත් අලුත් සිතුවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙනි. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම, කැලැන්ඩර අවුරුද්දට අලුත් වීම, ඍතුවෙන් ඍතුවට අලුත් වීම ආ ..read more
Visit website
ළමා නිවාසවල දරුවන්ට ජනපතිගෙන් අවුරුදු තෑගි
LankaPuvath
by chanaka
5d ago
(කොළඹ | ලංකාපුවත්) – සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දූ දරුවන් වෙනුවෙන් රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව අද (13) සිදු කෙරේ. නිවසින් හෝ ආදරණීය දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවෙකුටම අවුරුදු සතුට ලබාදීම වෙනුවෙන් “ළමා නිවාසවල සිටින දූ දරුවන්ටත් අවුරුදු” මැයෙන් ජනාධිපති කාර්යාලය විසින් “සිලෝන් බිස්කට් සමාගම ” ඇතුළු පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි. ඒ අනුව දිවයින පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් 10,000 ..read more
Visit website
අද විශේෂ රාජ්‍ය සමාව ලබන පිරිස
LankaPuvath
by chanaka
5d ago
(කොළඹ | ලංකාපුවත්) – බන්ධනාගාර ගතව දඬුවම් ලබමින් සිටින රැඳවියන් 917 දෙනෙකුට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිදහස ලබාදීමට නියමිතය. ඒ අනුව පිරිමි සිරකරුවන් 896කට සහ කාන්තා රැඳෙවියන් 21 දෙනෙකුට අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ රාජ්‍ය සමාව හිමිවන බව බන්ධනාගාර කොමසාරිස්(මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී දිසානායක මහතා පවසයි. මෙම සමාවට සුදුසුකම් ලැබූ රැදවියන් අද පෙ.ව. 10.00 පමණ නිදහස් කිරීමට නියමිතව ඇත. ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ..read more
Visit website
IndiGo, මුම්බායි – කොළඹ සෘජු ගුවන් ගමන් අරඹයි
LankaPuvath
by chanaka
5d ago
(කොළඹ | ලංකාපුවත්) – මුම්බායි – කොළඹ සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් ඊයේ(12) උදෑසන IndiGo ගුවන්සේවයේ Airbus A320 ගුවන්යානයක් ගුවන් ගමන් අංක 6E1185 යටතේ ශ්‍රී ලංකාව වෙත පැමිණියේය. ඒ අනුව IndiGo සතියකට තුන් වතාවක් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. පැමිණීමේ වේලාව : CMB – 0935 පිටත්වීමේ වේලාව : CMB – 1035 සිට මේ වන විට IndiGo සේවය චෙන්නායි සිට දිනකට ගමන් වාර 2ක්, බැංගලෝර් සිට දිනකට එක් ගමන් වා‍රයක් හයිද්‍රාබාද් සිට සතියකට ගමන් වාර 6ක් ලෙස කොළඹ දක්වා ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරයි. මුම්බායි නව ගුවන් වාර සමගින් IndiGo ..read more
Visit website
උම්රා සහ හජ් වන්දනාකරුවන් සඳහා සෞදි රජයෙන් ලැබෙන විශිෂ්ට සහය ගෝලීය පැසසුමට
LankaPuvath
by chanaka
1w ago
(කොළඹ | ලංකාපුවත්) – මක්කා සහ මදීනා යන ශුද්ධ නගර ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන්ගේ හදවත් තුළ විශේෂ ස්ථානයක් හිමි කර ගන්නා අතර, බොහෝ දෙනා තම ජීවිත කාලය තුළ සිදු කිරීමට අපේක්ෂා කරන ගැඹුරු අධ්‍යාත්මික ගමනක් සංකේතවත් කරයි. භූගෝලීය හා ආර්ථික සීමා මායිම් නොතකා මෙම පූජනීය ස්ථාන වන්දනා කිරීම වන්දනාකරුවන්ගේ ආදරණීය සිහිනයකි. මක්කම සහ මදීනා වන්දනාව හුදෙක් ආගමික රාජකාරියක් පමණක් නොව ලොව පුරා සිටින මිලියන ගණනකගේ සිහිනයකි. විවිධ ආර්ථික තත්වයන් තිබියදීත්, පුද්ගලයන් මෙම පූජනීය චාරිත්‍ර වාරිත්‍රවලට සහභාගී වීමේ හැකියාව වැඩි දියුණු කිරීමට උත්සාහ කරයි. වසර පුරා වන්දනාකරුවන් මක්කා සහ මදීනා වෙත ගලා එන අතර, රාමසාන් සහ හජ ..read more
Visit website
2024 සණස රක්ෂණ නියෝජිත සමුළුව අභිමානවත් අයුරින් පැවැත්වෙයි
LankaPuvath
by chanaka
1w ago
(කොළඹ | ලංකාපුවත්) – සිය අලෙවි බලකායේ අති විශිෂ්ටයන් ඇගයීම සඳහා සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කොටගනිමින් පැවැත්වූ “සණස රක්ෂණ නියෝජිත සමුළුව” පසුගිය 05 වැනිදා සණස කැම්පස් පරිශ්‍රයේ අභිමානවත් අන්දමින් පැවැත්විණි. ‘ලොව දිනන හෙට දිනකට’ යන්න තේමා කොට ගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා දිවයින පුරා සේවයේ යෙදෙන සණස රක්ෂණ අලෙවි නියෝජිතයන් 1500 ..read more
Visit website
විදුලිබල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය
LankaPuvath
by chanaka
1w ago
(කොළඹ | ලංකාපුවත්) –  විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද (08) හිමිව තිබේ. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය X ..read more
Visit website
මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු
LankaPuvath
by chanaka
1w ago
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් මාර්තු ‘මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා’ ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. අයර්ලන්තයේ මාර්ක් ඇඩෙයිර් සහ නවසීලන්තයේ මැට් හෙන්ඩ්‍රි යන ක්‍රීඩකයින් මේ සඳහා නිර්දේශ වී තිබුණි. කමිඳු මෙන්ඩිස් මෙම සම්මානය හිමිකර ගත් තුන්වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයාය. මීට පෙර වනිඳු හසරංග සහ ප්‍රභාත් ජයසූරිය ද මෙය හිමිකරගෙන තිබුණි ..read more
Visit website
ප්‍රීමා කොත්තු මී සැරට මෙවරත් බිග් මැච් උණුසුම් වෙයි
LankaPuvath
by chanaka
1w ago
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ක්‍රීඩාශීලීත්වය වැඩිදියුණු කිරීමෙහි නිරන්තරයෙන් අතහිත ලබාදෙන, තාරුණ්‍යයේ ජවසම්පන්න රිද්මය හා සුසර වූ “ප්‍රීමා කොත්තු මී”නූඩ්ල්ස් සන්නාමය මේ වසරේත් පාසැල් බිග් මැච් උද්‍යෝගිමත් බව වැඩිදියුණු කිරීමෙහි සිය අනුග්‍රාහක දායකත්වය එක්කොට ඇත. සෑම වසරකම මාර්තු මාසයේ ඇරඹෙන ශ්‍රී ලාංකීය පාසැල් ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී ක්‍රීඩා සම්ප්‍රදායක් ලෙස බිග් මැච් තරග හඳුනාගත හැකිය. පාසැල් දෙකක් අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගාවලිය බිග් මැච් ලෙස හැඳින්වෙන අතර තම පාසලේ අභිමානය රටට හඬගා කීමෙහි මෙරට ප්‍රමුඛ පෙළේ පාසැල් රැසක ආදි සිසුන් හා වත්මන් සිසුන් දෙපාර්ශ්ව ..read more
Visit website

Follow LankaPuvath on FeedSpot

Continue with Google
Continue with Apple
OR