
Vikalpa | Citizen journalism from Sri Lanka
1000 FOLLOWERS
Vikalpa will promote and strengthen voices and perspectives not featured in mainstream in Sinhala and Tamil media.
Vikalpa | Citizen journalism from Sri Lanka
2d ago
ප්‍රංශ භාෂාව තුළ අනාගතය හඟවන වචන දෙකක් ඇතැයි ස්ලේවෝයී ශිෂෙක් පෙන්වා දෙයි. එක් වචනයකින් හැඟවෙන්නේ සරලව වර්තමානයේම දිගුවක් ලෙස පැමිණෙන අනාගතයයි. එම අනාගතය සහ වර්තමානය අතර පවතින්නේ අඛණ්ඩත්වයකි. හරියට 2022 වසර නිමා වී 2023 ..read more
Vikalpa | Citizen journalism from Sri Lanka
2d ago
iMage: Shehan Gunasekara
අධිකරණයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් වෙනස් ආකාරයක නියෝගයක් නොලැබුණොත්, මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම කියයි. මැතිවරණය සඳහා වැය වන මුදල රුපියල් බිලියන 10 ක් වෙතැයි ගණන් බලා තිබේ. එහෙත්, මැතිවරණය පැවැත්වීම සඳහා මේ මොහොතේ අවශ්‍ය කරන්නේ මිලියන 8 ක් පමණකැයි මැතිවරණ කොමිසම කියයි. ඉතිරිය, මාස කිහිපයකට පසුව පියවිය හැකි වියදමකි. උදාහරණයක් වශයෙන්, ඡන්ද පත්‍රිකා ඇතුළු අනෙකුත් ලේඛණ මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයට එම වියදම් පියවිය යුතු වන්නේ මැතිවරණය පැවැත්වීමෙන් මාස තුනකට පමණ පසුව ය.
එහෙත් මේ කියන වියදම හෙවත් රුපියල් බිලියන 8 ..read more
Vikalpa | Citizen journalism from Sri Lanka
2d ago
iMage: newagebd
අරගලය නමින් ජනතා ක්‍රියාකාරිත්වයක් 2022 ..read more
Vikalpa | Citizen journalism from Sri Lanka
2d ago
iMage: VIKALPA file
මිචෙල් ෆූකෝ පෙන්වා දුන් පරිදි, නිහඬතාවන් සියල්ල එක හා සමාන නොවේ. එසේම නිහඬතාව යනු කතිකාවේම අංගයකි. කිසිවක් නිහඬතාවේ ගිලී පවතින්නේ නම්, ඒ පවතින කතිකාවේම උපායමාර්ගයක් ලෙසිනි. නිදසුනක් ලෙස, පීතෘමූලික සමාජ පිළිවෙළ තුළ ස්ත්‍රීන් කෙරෙහි වන පීඩනය ගැන බොහෝ විට පවතින්නේ නිහඬතාවකි. එම නිහඬතාව උපායමාර්ගිකය. එම කතිකාව තුළ ශබ්ද නගා පවසන දේ විසින් සේම නිහඬත්වයේ ගිල්වා තිබෙන දේ විසින්ද යම් අරුතක් දනවයි.  ..read more
Vikalpa | Citizen journalism from Sri Lanka
2d ago
ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 17ක් ගතවේ. (2006 ජනවාරි 02-2023 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ පියා වන වෛද්‍ය මනෝහරන් පවසා සිටියත්, ඒ පිළිබදව සාධනීය පරීක්ෂනයක් පවත්වා ඝාතකයින් නීතිය හමුවට පැමිණවීමට තවමත් ලංකාවේ කිසිදු බලධාරියෙක් සමත්ව නැත.
මෙසේ ඝාතනයට ලක් වූයේ මනෝහරන් රාගිහර්(1985/09/22,) යෝගරාජ් හේමචන්ද්‍ර (1985/03/04) ලෝගිදරාජ් රොහාන් (1985/04/07)දන්ගතුරෛයි සිවනාන්ද 1085/ 04/06 ), ශන්මුගරාජ් ගජේන්ද්‍රන් (1985 09/16 ) යන සිසුන් 5 දෙනා ය. ඒ 2006 වර්ෂයේ ජනවාරි 2 ..read more
Vikalpa | Citizen journalism from Sri Lanka
5M ago
විජේ ඩයස් මගේ එක් ‘මුල්ගුරුවරයෙකු’ වූ බව ගිය සතියේ ලිවීමි. ඔහු එතැනින් නැවතුණේ නැත. ඔහු මගේ ‘ගැලවුම්කාරයා’ ද විය. මේ ඒ කතාවයි.
කීර්ති බාලසූරියගේ මරණයෙන් පසු දීර්ඝ කාලයක් විජේ ඩයස්ගේ නායකත්වය යටතේ ක්‍රියාකාරීව පැවති විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, කොළඹ කේන්ද්‍රීය බුද්ධිමය ස්ථරය අතර ආකර්ශණීය කළ ප්‍රධාන චරිත දෙකක් විය. ඉන් කෙනෙකු වන්නේ, මහාචාර්ය සුචරිත ගම්ලත් ය. අනෙක් කෙනා වන්නේ, මහාචාර්ය පියසීලී විජේගුණසිංහ ය. මේ දෙන්නාම අද ජීවතුන් අතර නැත. ඇත්ත වශයෙන්ම, කීර්ති බාලසූරිය සහ විජේ ඩයස් යන නම් දෙකට වඩා ලංකාවේ පාඨකයන්ට වඩාත් සහෘද චරිත දෙක වුණේ මහාචාර්ය සුචරිත ගම්ලත් සහ මහාචාර්ය පියසීලි විජේගුණසිංහ ය. ..read more