
Lanka 24 News
1000 FOLLOWERS
Lanka 24 News. Sri Lanka 24 Hours Sinhala Breaking News : News, video news, Latest News Hot news,Gossip ,Politics, Video, Finance, Business, Sports, Entertainment, Travel.
Lanka 24 News
4M ago
රත්නපුර පනාමුර පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් වරයෙකු තම යතුරුපැදියෙන් ගොස් මහ මඟ ගමන් ගත් කාන්තාවන්ගේ රන්මාල කඩා ගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් කොස්තාපල්ට අයත් යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරයා පානදුර පොලිස් වසමේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා රන් මාලයක්, කටුවන පොලිස් වසමේදී රුපියල් එක් ලක්ෂ තිස් අටදහසක් වටිනා මාලයක් කඩා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබේ.
මාල කඩා ගැනීමට ආ යතුරුපැදියක අංකය පිළිබඳ කළ පරීක්ෂණවලදී එහි අයිතිකරු මෙම පොලිස් කොස්තාපල්වරයා බව හෙළි වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් මෙම ..read more
Lanka 24 News
4M ago
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
The post චොකා මල්ලි ඇමතිකමක දිවුරයි.. appeared first on Lanka 24 News ..read more
Lanka 24 News
4M ago
විදුලි බිල නොගෙවා සිටියහොත් විදුලිය විසන්ධි කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කළ ප්‍රකාශයක් සිය ට්විටර් ගිණුමෙන් හුවමාරු කළ එයට අදහසක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසයි.
මෙහිදී ඕමල්පේ හිමියන් පවසන්නේ මීට පෙර රුපියල් 58000ක් වූ තම විහාරස්ථානයේ විදුලි බිල මේ වන විට ලක්ෂ තුනක් දක්වා වැඩිවී ඇති බවයි.
එම විදුලි බිල් තමන්වහන්සේ නොගෙවන බද උන්වහන්සේ පැවැසූහ.
The post විදුලි බිල නොගෙව්වොත් විසන්ධි කරනවා appeared first on Lanka 24 News ..read more
Lanka 24 News
4M ago
ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 20ක ආධාරයක් ලබාදිමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකානු නියෝජිතායතනයේ පරිපාලන නිලධාරී සමන්තා පවර් මහත්මිය ප්‍රකාශ කරයි. මේ අනුව ඇයගේ ශ්‍රි ලංකා සංචාරය තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ආධාර ප්‍රකාශයට පත්කර තිබේ.
ගොවින්ට අවශ්‍ය පොහොර, කෘෂිකාර්මික යෙදවුම් ලබා ගැනිමට හා බලපෑමට ලක්වූ ගෝවීන්ට මුදල් අධාර ලබාදීම සඳහා මීට පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක ආධාර ප්‍රකාශයට පත්කළ අතර ඊට අමතරව මෙම ඩොලර් මිලියන 20ක අධාරය ප්‍රකාශයට පත්කර තිබේ.
ජනපතිවරයා හා පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කර තිබේ.  ..read more
Lanka 24 News
9M ago
ශ්‍රී ලංකා සුපිරි පිතිකරු ඇන්ජලෝ මැතීව්ස් ලකුණු 150 සීමාව පසුකර යාමට සමත්විය.
නොදැවී පන්දුවට පහරදෙමින් සිටින මැතිව්ස් මේ වනවිට ලකුණු 163ක් ලබාගනිමින් පන්දුවට පහරදෙමින් සිටී.
ඔහුගේ ඉනිමට හතරේ පහර 18ක් සහ එක් හයේ පහරක් ඇතුලත්.
ශ්‍රී ලංකාව මේ වනවිට සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 347ක් ලබාගෙන පන්දුවට පහරදෙමින් සිටී.
සංචාරක ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදය.
අද දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 4ක් දැවි ලකුණු 258ක් රැස්කරගෙන සිටියේය.
ඇන්ජලෝ මැතීව්ස් සහ දිනේෂ් චන්දිමාල් අදත් ලකුණු 61 ..read more
Lanka 24 News
9M ago
වාර්ෂික උද්ධමන අනුපාතය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන ස්ථානයට පත්ව සිටින බව මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා සඳහන් කරයි.
ඇමරිකාවේ ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඔහු ‘හැන්කේ උද්ධමන දර්ශකය’ යාවත්කාලීන කරමින් මේ බව පවසයි.
වාර්තාව අනුව ශ්‍රි ලංකාවට වඩා උද්ධමනයක් පෙන්වන්නේ ලෙබනනයට පමණි.
The post ලංකාව උද්ධමනයෙන් ලෝකයෙන්ම දෙවැනියා.. ලෙබනනයද පසු කරයි.. අලුත්ම වාර්තාව appeared first on Lanka 24 News ..read more
Lanka 24 News
1y ago
උතුරෙන්, දකුණෙන් සහ නැගෙනහිරෙන් යුක්රේනයට ප්‍රහාර එල්ල කරන රුසියානු පාබල හමුදා කාණ්ඩ කිහිපයක් Kyiv අගනුවර ආසන්නයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ ගුවන් සහ නාවුක ප්‍රහාර හමුවේ මේ වන විට යුක්රේන හමුදා අඩපණ වී ඇති බවය.
යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පාලනය ද රුසියානු හමුදා වෙත පත්ව ඇති බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
1986 ..read more
Lanka 24 News
1y ago
අද (25) දිනයේදී දිවයිනේ ඒ.බී.සී කලාප සඳහා පැය 4 – විනාඩි 40 ක් සහ අනෙකුත් කලාප වලට පැය 5 – විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇති බවයි.
හෙට (26) දිනයේ පස්වරුවේ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2350 ක් සහ රාත්‍රි කාලයේ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2700 ..read more
Lanka 24 News
1y ago
මොනවා කළත් මැරෙන මොහොතේ ජීවිත කාලය තුළදී තමන් කළ කී දෑ මතක්වෙන බව අප සමාජයේ නිතරම කියවෙන වදන් පෙළකි.
කැනඩාවේ, වැන්කුවර් හි විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයකින් එය සත්‍යය බව සනාථ වී තිබේ.
නමුත් ඔවුන් පවසන්නේ එය අහම්බයක් බවය.
එම සිදුවීම සිදුවී ඇත්තේ මෙසේය.
විද්‍යාඥයින් පිරිසක් අපස්මාරය වැළඳුනු 87 හැවිරිදි පුද්ගලයෙකුගේ මොළයේ සංඥා නිකුත්වන ආකාරට ගණනය කිරීමට ස්නායු ක්‍රියාකාරිත්වය පටිගත කිරීමට කටයුතු කළේය.
නමුත් ඒ අතරතුරදී දරුණු හෘදයාබාධයකට ලක්වූ ඔහු ඉන් මියගොස් තිබුණි.  ..read more
Lanka 24 News
1y ago
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන ‘ෆිල්ටි’ නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර කෙසෙල්වත්තේ පැවැති වැඩසටහනකට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ රාජකාරියට බාධා කර ඔහුගේ මුව ආවරණය ගැලවීමට උත්සාහ කළ හේතුවෙන් මෙම රැප් ගායකයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැඩසටහන පැවැත්වෙද්දී ඒ අසල කළ අශෝභන ලෙස හැසිරෙමින් කෑ කෝ ගසමින් සිටි බවත් එනිසා පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුට අවවාද කර එම ස්ථානයෙන් පිටව යන ලෙස උපදෙස් දී ඇති නමුත් ඔහු එය පිළි නොගෙන ආවේගශීලීව පොලිස් නිලධාරියාට සාපරාධි බලහත්කාරය පා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඒ හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරු ..read more