අද ඩොලරය
ITN News
by ITN News Editor
1h ago
මහ බැංකුවේ විනිමය අනුපාතයට අනුව අද ( 7 ) දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ 289.57ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල 298.68ක් ලෙසයි වාර්තා වී තිබෙන්නේ .   The post අද ඩොලරය appeared first on ITN News ..read more
Visit website
පෙර පාසල් ළමුන් පිරිසක් රැගෙන ඒමට ගිය ත්‍රිරෝද රථයට අතරමගදී වුණ අකරතැබ්බය
ITN News
by ITN News Editor
1h ago
පෙර පාසල් ළමුන් පිරිසක් රැගෙන ඒමට ධාවනය කළ ත්‍රිරෝද රථයක ඉදිරිපස රෝදය කැඩීයාමෙන් ත්‍රීරෝද රථය අනතුරට පත් වී රියදුරා බරපතළ ලෙස තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මෙම අනතුර සිදු වී ඇත්තේ අද (07)දින දහවල් 12 ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව චැපල්ටන් වත්ත ප්‍රදේශයේදීයි. බගවන්තලාව ටින්සින් නගරයේ සිට දිනපතා පෙර […] The post පෙර පාසල් ළමුන් පිරිසක් රැගෙන ඒමට ගිය ත්‍රිරෝද රථයට අතරමගදී වුණ අකරතැබ්බය appeared first on ITN News ..read more
Visit website
ඉන්දීය ගුවන් හමුදා සංදර්ශනයකදී පුද්ගලයින් 5 ජීවිතක්ෂයට
ITN News
by ITN News Editor
1h ago
ඉන්දීය ගුවන් හමුදාවේ සංදර්ශනයක් අතරතුර පුද්ගලයින් 5 දෙනෙක් මිය ගොස් තවත් 50 දෙනෙකු රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙම ගුවන් සංදර්ශනය දැකබලා ගැනීමට ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මරීනා වෙරළට එක් රැස්ව සිටි බවයි එරට මාධ්‍ය පවසන්නේ. විජලනය හා අධික තෙහෙට්ටුව හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. දුර්වල පිරිස් කළමනාකරණය, මාර්ග සැලසුම් […] The post ඉන්දීය ගුවන් හමුදා සංදර්ශනයකදී පුද්ගලයින් 5 ජීවිතක්ෂයට appeared first on ITN News ..read more
Visit website
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක්
ITN News
by ITN News Editor
2h ago
ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියන 200ක ගිවිසුමකට අද (07) අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය(IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබෙනවා. ඊට අදාළ ණය ගිවිසුමට […] The post ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක් appeared first on ITN News ..read more
Visit website
150 වන ලෝක තැපැල්‌ දින සැමරුම්‌ උත්සවයට සමගාමීව ජාතික මුද්දර ප්‍රදර්ශනයක්
ITN News
by ITN News Editor
2h ago
150 වන ලෝක තැපැල්‌ දින සැමරුම්‌ උත්සවයට සමගාමීව ජාතික මුද්දර ප්‍රදර්ශනයක්‌ හෙට (08) සිට ඔක්‍තෝබර් 12 දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම ප්‍රදර්ශනය  පෙ.ව 09.00 සිට ප.ව. 06.00 දක්වා තැපැල්‌ මූලස්ථානයේදී පැවැත්වීමට තැපැල්‌ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය්‍යාංශයේ ලේකම් රංජිත්‌ ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා. […] The post 150 වන ලෝක තැපැල්‌ දින සැමරුම්‌ උත්සවයට සමගාමීව ජාතික මුද්දර ප්‍රදර්ශනයක් appeared first on ITN News ..read more
Visit website
2026 T20 ලෝක කුසලානය දක්වා ප්‍රධාන පුහුණුකරු තනතුර සනත් ජයසූරියට
ITN News
by ITN News Editor
4h ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට සනත් ජයසූරිය පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර් වුඩ් එම තනතුරෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයේ වැඩ බැලීම සදහා සනත් ජයසූරිය පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගත්තා. කෙසේ වෙතත් වැඩ බලන තනතුර වෙනුවට සනත් […] The post 2026 T20 ලෝක කුසලානය දක්වා ප්‍රධාන පුහුණුකරු තනතුර සනත් ජයසූරියට appeared first on ITN News ..read more
Visit website
තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය තායි වාණිජ මණ්ඩලයේ සහ වෙළඳ මණ්ඩලයේ සභාපතිවරයා හමුවෙයි
ITN News
by ITN News Editor
4h ago
ද්වීපාර්ශ්වික වෙළද සබදතා ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මහත්මිය තායි වාණිජ මණ්ඩලයේ සහ වෙළද මණ්ඩලයේ සභාපතිවරයා හමුවුණා. ශ්‍රී ලංකාවට ආයෝජන නියෝජිත කණ්ඩායමක් යොමුකරන ලෙස මෙම හමුවේදී තානාපතිවරිය ඉල්ලා තිබෙනවා. ඊට ප්‍රතිචාරයක් ලෙස ලබන වසරේ දී තායිලන්ත වාණිජ මණ්ඩලයේ සහ වෙළද මණ්ඩලයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු කෙරුණා. ශ්‍රී […] The post තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය තායි වාණිජ මණ්ඩලයේ සහ වෙළඳ මණ්ඩලයේ සභාපතිවරයා හමුවෙයි appeared first on ITN News ..read more
Visit website
මහ මැතිවරණයට එන හැම කෙනෙක්ම වත්කම් බැරකම් ඉදිරිපත් කරන්න – මැකෝ දැනුම් දෙයි
ITN News
by ITN News Editor
4h ago
මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරනවා. මහ මැතිවරණය සදහා නාමයෝජන භාරදෙන පිළිගත් දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම්වල සියලු අපේක්ෂකයින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ තේරීම්භාර නිලධාරීවරයා වෙත භාරදිය යුතුයි. නාමයෝජනා පත්‍ර සමග එය භාරදිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරන්නේ. මේ අතර මහ […] The post මහ මැතිවරණයට එන හැම කෙනෙක්ම වත්කම් බැරකම් ඉදිරිපත් කරන්න – මැකෝ දැනුම් දෙයි appeared first on ITN News ..read more
Visit website
අලි ප්‍රහාරයකින් වෑන් රියක් කුඩු
ITN News
by ITN News Editor
4h ago
ඇලහැර බකමූණ ප්‍රධාන මාර්ගයේ සෝමියෙල් හංදිය ප්‍රදේශයේ දී වෑන් රථයකට වන අලියෙකු පහරදී තිබෙනවා. වෑන් රථය යෝධ ඇළට පෙරළීමෙන් එහි රියදුරු මියගියා. වෑන් රථය බකමූණ ප්‍රදේශයේ සිට දිය බෙදුම දෙසට ගමන් කරමින් සිටියදීයි වන අලි ප්‍රහාරයට ලක්වුණේ. අනතුරෙන් මියගිය 28 හැවිරිදි රියදුරුගේ දේහය බකමූණ රෝහලේ තැන්පත්කර තිබෙනවා. ප්‍රදේශයේ ඉදිකර ඇති අලි වැට ද සම්පූර්ණයෙන්ම අක්‍රිය […] The post අලි ප්‍රහාරයකින් වෑන් රියක් කුඩු appeared first on ITN News ..read more
Visit website
නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට
ITN News
by ITN News Editor
5h ago
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහි පැමිණිල්ලක් අද (07) පස්වරු 1.30ට කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබද නඩුවට අදාළව නියම කෙරුණු  වන්දි මුදල් සම්පූර්ණයෙන්  ගෙවීමට නිලන්ත ජයවර්ධන මහතාට නොහැකි වී තිබෙනවා. ඒ තුළින් අධිකරණයට අපහාස  කළ බවට වන  චෝදනාවට ඒ මහතා අධිකරණය හමුවේ අද (07) […] The post නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට appeared first on ITN News ..read more
Visit website

Follow ITN News on FeedSpot

Continue with Google
Continue with Apple
OR