පොලිසියේ ප්‍රධාන ටාර්ගට් මෙන්න
Silumina
by chanakainoj
4d ago
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය පොලිසියේ ප්‍රධාන ටාර්ගට් එක විය යුතු බව  මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.    එම මර්දන කටයුතු සදහා බුද්ධි අංශවල සහාය ලබා ගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටියේ දීපව්‍යාප්ත පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණය අමතමිනි.    අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (23) සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී එය පැවැත්විණි.   ..read more
Visit website
මෙරට ශ්‍රමිකයන්ට අරාබි සංස්කෘතිය හා භාෂාව ගැන පුහුණුවක්
Silumina
by chanakainoj
4d ago
අරාබි ලීගයට අයත් රටවල් 9ක එකතුවෙන් සැදි අරාබි කවුන්සිලයේ සාමාජිකයන් සිව් දෙනෙකු හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.   මෙරට අරාබි කවුන්සිලයේ නායක පලස්තීන තානාපති ආචාර්ය සුහායීර් එම්. එච්. ඩාර් සේයිඩ් මහතා සමග සවුදි, ඉරාක හා ඊජිප්තු යන රාජ්‍යයන්හි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනකු මෙම සාකච්ඡාවට එක් විය.   ..read more
Visit website
ප්‍රතිපත්ති පොලි අනුපාත වෙනස් නොවෙයි
Silumina
by chanakainoj
4d ago
ප්‍රතිපත්ති පොලි අනුපාතික සංශෝධනය නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.   ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය එම තීරණය ගෙන තිබේ.   දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන්හි මෑතකාලීන සහ අපේක්ෂිත වර්ධනයන් සහ ප්‍රක්ෂේපණයන් සැලකිල්ලට ගනිමින් ඊයේ (24) පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.   ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.   ..read more
Visit website
නවසීලන්ත නව අගමැති දිවුරුම් දෙයි
Silumina
by chanakainoj
4d ago
ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ 41 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.   වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   ඒ අනුව 44 හැවිරිදි හිප්කින්ස් එරට කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්ව තිබේ.   නවසීලන්තයේ වත්මන් අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් අගමැති තනතුර සඳහා ඉදිරිපත් වූයේ තමන් ධුරයෙන් ඉවත්වන බවට අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් දැනුම්දිමෙන් පසුවය.   ..read more
Visit website
චීන සංචාරක ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්
Silumina
by chanakainoj
4d ago
පෙබරවාරි 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි චීන සංචාරකයන් සංචාරය කළ යුතු රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට එරට රජය තීරණය කර තිබේ.   ශ්‍රී ලංකාවට අමතරව චීන රජය මඟින් සංචාර සඳහා ඇතුළත් කළ රටවල් ලැයිස්තුගත කර ඇති අතර, තායිලන්තය, ඉන්දුනීසියාව, කාම්බෝජය, මාලදිවයින, පිලිපීනය, මැලේසියාව, සිංගප්පූරුව, ලාඕසය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, කෙන්යාව, දකුණු අප්‍රිකාව, රුසියාව, ස්විට්සර්ලන්තය, හංගේරියාව, නවසීලන්තය, ෆීජි, කියුබාව සහ ආර්ජන්ටිනාව ද ඒ අතර වෙයි.    ..read more
Visit website
රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අද සුපුරුදු පරිදි
Silumina
by chanakainoj
4d ago
රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණි වල වැටුප් ගෙවීම අද(25) සුපුරුදු පරිදි සිදු කෙරේ.   ..read more
Visit website
මුජුබර් වෙනුවට ෆවුසිගේ නම ගැසට් කෙරේ
Silumina
by chanakainoj
4d ago
සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්ගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ඒ.එච්.එම්. ෆවුසි නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.   ඒ, මැතිවරණ කොමිශන් සභාව විසිනි.   පසුගිය 20වැනිදා සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ පුරපති ධූරයට තරග කිරීමේ අරමුණින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.   ..read more
Visit website
නිදහස් සැමරුමට “පිරිසිදු හරිත නගර” වැඩසටහනක්
Silumina
by chanakainoj
4d ago
හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ වගකීම තාරුණ්‍යයට පවරමින් 75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව “පිරිසිදු හරිත නගර” ගොඩනැංවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.   මෙරට තරුණ්‍යය රටේ සංවර්ධනයට විධිමත්ව දායක කර ගැනීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක “ජාතික යොවුන් වේදිකාව” වැඩසටහන යටතේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ යොවුන් පාර්ලිමේන්තුව ඒකාබද්ධව මෙය සංවිධානය කරයි.   ..read more
Visit website
මාස 06කින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීමට බලාපොරොත්තුවක්
Silumina
by chanakainoj
4d ago
ඉදිරි මාස 6 තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවසන් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.   ශ‍්‍රී ලංකාව සිය සියලූ ණය ආපසු ගෙවීමට කැප වී සිටින බව ද මහ බැංකු අධිපතිවරයා සදහන් කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.     “ඉන්දියාව දැනටමත් මූල්‍ය සහතික කිරීම් පොරොන්දු වීමත් සමඟ මේ මාසයේ හොඳ ප්‍රගතියක් ඇති වී තිබෙනවා. අපි ඉක්මනින්ම චීනයෙන් සහ ජපානයෙන් සහතිකයක් බලාපොරොත්තු වෙමු,” යැයි වීරසිංහ මහතා කියා සිටියේය.   ..read more
Visit website
අජිත් ප්‍රසන්නට අධිකරණයෙන් ලැබුණු තීන්දුව
Silumina
by chanakainoj
4d ago
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කරයි.   එසේම මෙම සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 03 ක දඩයක් ද නියම කර ඇත. එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස හයක සිරදඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් කෙරුණි.   ..read more
Visit website

Follow Silumina on Feedspot

Continue with Google
OR