දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ – ජනපතිගෙන් ගැසට් නිවේදනයක්
Silumina
by chanakainoj
7M ago
වහා ම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ.   අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පනත යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.   දුම්රිය වර්ජනය හේතුවෙන් ජනතාවට මුහුණ දීමට සිදු වන පීඩා අවම කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.     ..read more
Visit website
නාගරික සංවර්ධන අධිකාරිය රු. බිලියන 45ක ව්‍යාපෘති සඳහා ආයෝජන කැඳවයි
Silumina
by chanakainoj
7M ago
නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම වසරේදී රුපියල් බිලියන 45ක වටිනාකමින් යුතු  සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජන කැඳවා තිබේ.   දැනට ඉන් ව්‍යාපෘති 14ක සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතී. කොළඹ, නුවරඑළිය හා ඒකළ ප්‍රදේශවල ක්‍රියාත්මක වන එම සංවර්ධන ව්‍යාපෘති වල වටිනාකම රුපියල් බිලියන 35ක් පමණ වන බවද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.   ..read more
Visit website
කිලෝමීටර් 1,000 ක පාගමනක නිරතවූ ලාංකිකයාට ඔස්ට්‍රේලියා PRදෙයි
Silumina
by chanakainoj
7M ago
ස්ථිර පදිංචිය ඉල්ලා කිලෝමීටර් 1,000 ක පාගමනක නිරතවූ ශ්‍රී ලාංකිකයා සහ පවුලේ සාමාජිකයන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනමා තිබේ.    ගමනාන්තයට ළගාවීමට කිලෝමීටර් කිහිපයක් තිබියදී ඔවුන්ගේ සංක්‍රමණ නීතීඥවරයා විසින් ඒ බව දැනුම් දී ඇතැයි www.abc.net.au වෙබ් අඩවිය වාර්තා කර ඇත.    නීල් පාරා නම් මොහු වික්ටෝරියා හි බලරට් නගරයෙන් මෙම පාගමන ආරම්භ කරනු ලැබුවේ පසුගිය අගෝස්තු 01 වැනිදාය.   ..read more
Visit website
පශු පාලනයේ දී භාවිතා කරන ඖෂධ මිල ඉහළ යාම පාලනය කෙරෙහි අවධානය
Silumina
by chanakainoj
7M ago
පශු පාලනයේ දී භාවිතා කරන ඇතැම් ඖෂධ වර්ගවල මිල ගණන් සීග්‍රයෙන් ඉහළයාම පාලනය සඳහා යම් වැඩ පිළිවෙළක් යොදන්නැයි පශු වෛද්‍යවරු පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා සිටියහ.   ..read more
Visit website
ශ්‍රී ලංකාව ගොඩදාන්න ඉක්මන් සහන දෙන්න - අමෙරිකා ජනපති බයිඩ්න් ජී 20 නායකයන්ගෙන් ඉල්ලයි
Silumina
by chanakainoj
7M ago
  ණය අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාව වැනි අඩු ආදායම්ලාභී රටවලට අර්බුදවලින් ගොඩ ඒමට සහ ඔවුන්ගේ ආර්ථිකය නැවත ශක්තිමත් කර ගැනීමට හැකි වන පරිදි අර්ථවත් ණය සහන ලබාදෙන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ජී 20 නායකයන්ගෙන් ඉල්ලීමක් කළේය.   එක්සත් ජනපද ධවල මන්දිරය මඟින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ගෝලීය ආර්ථිකයේ නායකයකු ලෙස තමන් ජී 20 රටවලින් මේ ඉල්ලීම කරන බවයි.   ජී 20 ..read more
Visit website
දිස්ත්‍රික්ක රැසකට අද වැස්ස
Silumina
by chanakainoj
7M ago
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.   හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.   ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.   ..read more
Visit website
නිවසටම නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහන ඇරඹෙයි
Silumina
by chanakainoj
7M ago
පාසැල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිවාසවලටම නැවුම් එළකිරි උදෑසන හා හවස් කාලය තුළ සැපයීමේ වැඩපිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් අද(11) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.   මෙම වැඩ පිළිවෙළෙහි පළමු අදියරේ  සමාරම්භක අවස්ථාව අද දින නාරාහේන්පිට පිහිටි  ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විනි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීහු කිහිප දෙනෙක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.   ..read more
Visit website
කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විද්‍යා ප්‍රදර්ශනය සාර්ථකව අවසන්
Silumina
by chanakainoj
7M ago
කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විද්‍යා දිනයට සමගාමීව “Exploratio 23” නමින් විද්‍යා ප්‍රදර්ශනයක්, විද්‍යාල භූමියේදී පසුගිය සිකුරාදා (08) පැවැත්විණ.   ‘කෘතිම බුද්ධිය සහ මානව වර්ගයාගේ අනාගතය‘ යන්න තේමා කරගත් මේ ප්‍රදර්ශනය කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විද්‍යා සංගමය මගින් සංවිධාන කළේය.   ..read more
Visit website
QR කේත ක්‍රමය හරහා ගෙවීම් කළ හැකි කළ ධීවර සංස්ථා වෙළෙඳසැල්
Silumina
by chanakainoj
7M ago
මතුගම නෑබඩ පාරේ හැටන් නැෂනල් බැංකුව අසල ලංකා ධීවර සංස්ථා මත්ස්‍ය වෙළෙඳසැල නවීකරණය කොට විවෘත කිරීම ඊයේ(10) ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අතින් සිදුවිය.    ලංකා ධීවර සංස්ථාව වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි යාවත්කාලීන කිරීමේ වැඩසටහන යටතේ මෙතෙක් අවිධිමත්ව නිසි ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන ගිය මෙම වෙළෙඳසැල නවීකරණය කර තිබේ.   ..read more
Visit website
ගත වූ දින 10 තුළ ඩෙංගු රෝගීන් 900කට අධික සංඛ්‍යාවක්
Silumina
by chanakainoj
7M ago
මෙම වසරේ සැප්තැම්බර් මාසයේ ගතවු දින 10ක කාලය තුළ පමණක් ‍ඩෙංගු රෝගීන් 900කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.   රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුව සැප්තැම්බර් මාසයේ දී අද (11) වන විට ඩෙංගු රෝගීන් 960 ක් වාර්තා වී ඇති අතර, වසරේ මේ දක්වා රෝගීන් 62,838 ක් වාර්තා වී ඇත.    ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණද පවතින වැසි සහිත තත්ත්වයත් සමඟ මදුරු ගහණයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි.   ..read more
Visit website

Follow Silumina on FeedSpot

Continue with Google
Continue with Apple
OR